ඔ​ෙබි විවාහය සිදුවන්නේ මෙහෙමයි
ඔ​ෙබි විවාහය සිදුවන්නේ මෙහෙමයි
විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය සහ ඇතිවන සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රයේ 7 වන භාවයෙන් දැන ගත හැකි වේ. 7 අධිපතියා, 7 වැන්නේ සිටින ග්‍රහයන්, 7 අධිපති සමග සිටින ග්‍රහයන්, 7 අධිපති සිටින නවාංශකයේ අධිපති, 7 වැන්න පෙනෙන ග්‍රහයන් සහ චන්ද්‍රයාගෙන් 7 වැන්නේ සිටින ග්‍රහයන් ගැන බැලීමෙන් විවාහය ගැන තොරතුරු දැන ගත හැක. ඒ ලෙසින්ම කුජ හා සිකුරු යන ග්‍රහයන්ගේ පිහිටීම ගැන බැලීම ද වැදගත් වේ.

විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය සහ ඇතිවන සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රයේ 7 වන භාවයෙන් දැන ගත හැකි වේ. 7 අධිපතියා, 7 වැන්නේ සිටින ග්‍රහයන්, 7 අධිපති සමග සිටින ග්‍රහයන්, 7 අධිපති සිටින නවාංශකයේ අධිපති, 7 වැන්න පෙනෙන ග්‍රහයන් සහ චන්ද්‍රයාගෙන් 7 වැන්නේ සිටින ග්‍රහයන් ගැන බැලීමෙන් විවාහය ගැන තොරතුරු දැන ගත හැක. ඒ ලෙසින්ම කුජ හා සිකුරු යන ග්‍රහයන්ගේ පිහිටීම ගැන බැලීම ද වැදගත් වේ. 
  
7 වැන්න අධිපති උච්ච, එම ක්ෂේත්‍රව අධික බලයෙන් සිටීම තුළ අන්‍ය ග්‍රහයන් දුබලව සිටියත් සිදුවන විවාහය සැපවත් හා යහපත් එකක් වේ. 7 වැන්න අධිපති ස්ථිර රාශියක හෝ තුලා රාශියේ සිටී නම් වෙනස් නොවන ආදරයක් ඇති අයෙකි. එකම සහකරුවකු හෝ සහකාරියක සමග තම ජීවිතය ගෙන යයි. 7 වැන්න අධිපති ලග්න අධිපති සමග එකට සිටී නම් එම පුද්ගලයාට වඩා උසස් කෙනකු විවාහයට ලැබේ. 7 වැන්න අධිපති කුජ නොවී සිකුරු සමග කේන්ද්‍ර ගතව හෝ ත්‍රිකෝණ ගතව සිටී නම් විවාහයෙන් පසුව ජීවිතයේ දියුණුව, ප්‍රීතිය හා සමගිය වැඩිවීමෙන් වාසනාවන්ත වනු ඇත.   


7 වැන්න අධිපතයා චන්ද්‍රයා නොවී ගුරු සමග සිටී නම් දැනුමෙන් උසස්, දියුණුවීමට හැකි අයෙකු විවාහය සඳහා ලැබෙනු ඇත. 7 වැන්න අධිපති බුධ සමග නම් ඉතා ඥාණවන්ත ගුණවත් අයෙක් සමග විවාහ වීමට ලැබෙනු ඇත. 7 වැන්න අධිපති 10 වැන්න අධිපතියා සමග නම් ක්‍රියාකාරී, තමාගේ රැකියා ආදියට උදවු කරන විවාහයෙන් පසු දියුණුවට සහයෝගීව කටයුතු කරන අයකු විවාහයට ලැබේ. 

 
7 වැන්න අධිපති 4 වැන්න අධිපති සමග සිටී නම් දැඩිව පවතින තද ආදර ගති නිසාම විවාහය සිදුවන අතර, ඉතාම සමගියෙන් ජීවත් වීමට හැකි, ජීවිතය පුරාම ආදරය කරුණාව ඇති අයෙකු විවාහයට ලැබෙනු ඇත. 7 වැන්න අධිපතියා 5 වැන්න අධිපතියා සමග නම් කලින් හඳුනාගත් කෙනෙකුට ආදරය කිරීම තුළින් යහපත් දරුවන් ලැබෙන සාර්ථක විවාහයකට මග සැලසෙනු ඇත.   


චන්ද්‍රයාට 6 වැන්නේ 7 වැන්නේ සහ 8 වැන්නේ ශුභ ග්‍රහයෝ සිටී නම් යම්කිසි ලෙසකට විශේෂ දක්ෂකම් ඇති ඉතා ගුණවත් අයකු විවාහයට හිමි වේ. විවාහක ජීවිතය ද ඉතා සාර්ථක වනු ඇත.   


කුජ සිකුරු සමග හැර වෙනත් බුද ග්‍රහයකු සමග බලවත් රාශියක සිටින විට ඉතා ධෛර්යවන්ත, එඩිතර, නිදහසට ගරු කරන වැදගත් සහකරුවකු සමග විවාහ වීමට හැකි වේ. විවාහ ජීවිතය ද සාර්ථක වේ. මේ අවස්ථාවේ දී කුජ මකර රාශියේ සිටී නම් එය බලවත් ලෙස ගණන් ගත යුතු නොවේ. 
විවාහය ප්‍රමාද කරන ග්‍රහයා සෙනසුරාය. හත්වැන්නට සම්බන්ද ග්‍රහයා ​ෙහා් ග්‍රහයන් සෙනසුරා සමග හෝ සෙනසුරාට පෙනෙනවා නම විවාහය කල් යාමට හේතුවකි. යම්කිසි විධියකුන් සෙනසුරුගේ රාශියක් 7 වී එම ස්ථානයේ සෙනසුරා සිටී නම් එය විවාහය ඉක්මන් වීමට හේතුවකි.   


කුජ/සිකුරු එකට සිටීම විවාහය ඉක්මන් කර වීමට හේතුවකි. අඳුනාගත් විගසම විවාහ වන්නේ මේ අයයි. එම ඉක්මන් වීම තුළ චරිතය පිරිසිදුව තබා ගැනීමට හැකි වේ. නමුත් විවාහය ඉක්මන් වුවත් පසුවස වුවත් එම විවාහය අවුල් වී යාමට බොහෝ ඉඩ ඇත. මේ දෙදෙනා එකට සිටින කේන්ද්‍රය හිමි අයගේ කාම ආශා බලවත්ය. විවාහයට එවැනිම කේන්දරයක් ඇති අයෙකු සොයා ගැනීම වැදගත් වේ. නමුත් මේ දෙදෙනාට සෙනසුරුගේ අයෙකු සොයා ගැනීම වැදගත් වේ. නමුත් මේ දෙදෙනාට සෙනසුරුගේ සම්බන්ධයක් වේ නම් විවාහය අවුල් වන්නේවත් චරිතය පිළිබඳව ගැටලුවක් ඇති වන්නේ ද නැත. 

 
විවාහයට හිමිවෙන අයගේ ධනය ගැන 8 වැන්නෙන් ද ස්ථිර දේපළ ගැන ශුභ 10 වැනි ස්ථානයෙන් ද ඉගෙනීම ගැන 11 වැන්නෙන් ද සහෝදර සහෝදරියන් ගැන 9 වැන්නෙන්ද සොයා ගත හැකි වේ.

 

 

ජ්‍යෙතිෂ්‍යවේදී වාස්තුවේදී හා ඉදිකිරීම් ඉංජිනේරු   
සේනානන්ද කරුණාරත්න  

Comments

http://blog.purahada.lk/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!